හෝටල් සේවකයෙක් අබිරහස් ලෙස මරුට

හෝටල් සේවකයෙක් අබිරහස් ලෙස මරුට

August 1, 2024   12:43 pm

ගල්කිරියාගම පොලිස් වසමේ බලලුවැව ප්‍රදේශයේ නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස්  තිබේ.

ඊයේ (31) ගල්කිරියාගම පොලීසියට ඒ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 56 හැවිරිදි ජයමාවත හංදිය, බලලුවැව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි කලාවැව, අනුරාධපුර ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා නිවෙස අසල හෝටලයක සේවය කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීත්ෂණය සිදුකර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර ගල්කිරියාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.