ඩෙංගු අවදානම් කලාප මෙන්න

ඩෙංගු අවදානම් කලාප මෙන්න

July 28, 2024   01:09 pm

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 13ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම කාලය තුළ ඩෙංගු රෝගීන් 32,183 දෙනෙකු වාර්තා වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 12,786ක් බව සඳහන්ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7,585 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,452 දෙනෙකු හඳුනාගෙන තිබේ.

උතුරු පළාතෙන් රෝගීන් 4,589 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 4,020 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

සබරගමුව පළාතෙන් ද මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3,329 දෙනෙකු වාර්තා වී තිබේ.