බස්නැවතුමේ වැසිකිළියක් තුළ පුද්ගල මරණයක්

බස්නැවතුමේ වැසිකිළියක් තුළ පුද්ගල මරණයක්

June 27, 2024   09:13 am

නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (26) සවස් කාලයේ දී වැසිකිළිය තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බවය.

පසුව 1990 ගිලන්රථ සේවය පැමිණ අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි තහවුරු කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි රුවන්එළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර තිබේ.