පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

March 22, 2026   06:50 am

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවය.

ඒ හේතුවෙන් අද (22) දින බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස්රථ හිමියන් තමන්ට දැනුම්දුන් බව ඔහු කීය.

ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.