මංගල ඇඳුමින්ම පත්වීම ගන්න ආ තරුණිය කී කතාව
May 30, 2024 05:40 pm
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවිය.
එහිදී අද දිනයේ තමන්ගේ මංගල ගමනට සැරසෙන යුවතියක් ද සිය ගුරු පත්වීම ලබාගැනීම එම සුවිශේෂී සිදුවීමයි.
මෙලෙස සිය ගුරු පත්වීම ලබාගත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දිලිණි නමැති තරුණියකි.
මෙම ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.