පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක්
February 11, 2024 08:19 am
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මුගුරුකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (12) එම ඝාතනය සිදු ව ඇත්තේ, සිරිපාගම - දකුණ මැල්කැල්ල - තවානවත්ත ප්‍රදේශයේ දී ය.
එසේ මිය ගොස් ඇත්තේ, මල්වත්ත - ඉලුක්වත්ත - ගිලීමලේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
පහරදීම සිදු කළ 30 හැවිරිදි පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි අයෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිරිපාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.