තවත් ජීවිතයක් මුහුදට බිලි
January 29, 2024 07:24 am
මුලතිවු, පුදුමාතලන් ප්රදේශයේදී මුහුදු වෙරළේ පිරිසක් සමග දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.
පොලීසිය පවසන්නේ, ඊයේ (28) අතුරුදන් වූ පුද්ගලයා ඥාතීන් පිරිසක් සමග පුදුමාතලන් ප්රදේශයේදී මුහුදු වෙරළේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා 10 කොටස, පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
නාවික හමුදාව, පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ඇතුරුදන් වූ අය සෙවීමේ කටයුතුවල නිරතව සිටි බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.