රෝගීන්ට ලබාදුන් තවත් එන්නතක ප්‍රශ්නයක්

රෝගීන්ට ලබාදුන් තවත් එන්නතක ප්‍රශ්නයක්

November 23, 2023   08:27 pm

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ  සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර මෙම එන්නත් වර්ගය ද ආන්දෝලනයට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සැපයූ සමාගම මගින් ගෙන්වූ බවට වාර්තාවී ඇති බවය.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මේ වනවිටත් එම එන්නත භාවිතයෙන් ඉවත් කර ඇති බවය.

එම ඖෂධය ලබාදුන් රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.