ඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
April 6, 2026 07:15 am
මරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
ඉන්ධන අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 72,210ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 හා 61 වයස්වල පසුවන වැල්ලවත්ත හා වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
