සජබයෙන් පිරිසක් එජාපයට?
October 29, 2023 09:25 am
සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවය.
නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.