දුම්මලසූරියේ කුණු බිත්තර ගබඩාවක් වටලයි

දුම්මලසූරියේ කුණු බිත්තර ගබඩාවක් වටලයි

July 24, 2023   01:01 pm

ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23) වටලනු ලැබීය. 

අදාළ ගබඩාව පවත්වා ගෙන ගොස් තිබුණේ දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේය.

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇත. 

ඒ අනුව අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් ඊයේ රාත්‍රියේ පැමිණි තිබේ.

පරිභෝජනයට නුසුදුසු  බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇත.

බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම් වූ බවය. 

බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. 

අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී ප්‍රකාශ කළේ බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බවය.