පාසල් සිසුන් වෙනුවෙන් නෙදර්ලන්තය ගත් තීරණය

පාසල් සිසුන් වෙනුවෙන් නෙදර්ලන්තය ගත් තීරණය

July 5, 2023   09:22 pm

ජංගම දුරකථන ඇතුළු ඒ ආශ්‍රිත උපාංග පන්තිකාමර තුළ භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය අවධානය යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැඩසටහන පාසල්වලින් ආරම්භ කෙරෙන අතර එය ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජංගම දුරකථන භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේදී සිදුවිය හැකි බාධා පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි. 

කෙසේවෙතත් එම තීරණය වෛද්‍ය අවශ්‍යතා හෝ ආබාධිත සිසුන් සඳහා මෙන්ම ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙන පන්තිකාමරවලට අදාළ නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි.