දඹුල්ලට කඩුලු 4ක ජයක්

දඹුල්ලට කඩුලු 4ක ජයක්

December 19, 2022   10:36 pm

LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව අද පැවති 20 වන තරගය කඩුලු 4කින් ජයගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්විය.

එහිදී සුපිරි පිතිකරණයක නියැලුණු Matthew Forde පන්දු 30කදී වේගවත් ලකුණු 52ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

Jordan Cox ලකුණු 34ක් රැස්කරගත්තේ පන්දු 21කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගය.

මෙම තරගය ජයගැනීමත් සමඟ LPL ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් ලබාගනිමින් ගෝල් කණ්ඩායම සමග සම තත්ත්වයේ පසුවුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ගෝල් කණ්ඩායමට වඩා පසුපසින් සිටින දඹුල්ල කණ්ඩායමට මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස්කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී Matthew Forde ලකුණු 11කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.