අර්බුද මැද ගිවිසුම් 123ක් අත්සන් කෙරේ

අර්බුද මැද ගිවිසුම් 123ක් අත්සන් කෙරේ

December 2, 2022   04:13 pm

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අතරින් 41ක් නව ගිවිසුම් වන අතර 82ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් වෙයි.

අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.