වනඅලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියෙකු මරුට

වනඅලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියෙකු මරුට

November 7, 2022   06:02 pm

වනඅලි ප්‍රහාරයකට ලක්ව වනජීවී නිලධාරියෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ඇත්අතුරු සෙවණේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකි.

අද පෙරවරුවේ වනඅලීන්ට ආහාර ලබාදීමට ගොස් ඇති අවස්ථාවකදී මෙලෙස වනජීවී නිලධාරියා මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.

එහිදී තුවාළ ලැබූ නිලධාරියා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇති නිලධාරියා 22 හැවිරිදි වියේ පසුවූ පනාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.