පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක්
October 10, 2022 07:20 am
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.
කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදෙන්නේ, අයිස් නැමැති මත්ද්‍රව්‍ය මේ වන විට රටපුරා ව්‍යසනකාරී ස්වරූපයෙන් ව්‍යප්ත වන තත්ත්වයන් නිරීක්ෂණය වන බවය.
ගම්පහ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මේ බව සඳහන් කළේය.
"සති දෙකකට උඩදී මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ෆේස්බුක් සාදයක් වැටලීමක් සිදුකළා. කියන්න කනගාටුයි අවුරුදු 14, 15 දරුවෝ තමයි හිටියේ තැන් තැන්වල වැටිලා සිහිය නැතුව. කොයි තරම් ව්‍යසනය බලවත්ත ද කියලා ඒකෙන්ම පැහැදිලි වෙනවා. ඉස්සර අපි කතා කළේ, හෙරොයින් ගැන නමුත් අද අපි කතා කරන්නේ වෙනත් දේවල් ගැන. ඉල්ලීම කරන්නේ දරුවන්ගෙන්, ඒ වගේම දෙමාපියන්ගෙන් කොයිම අවස්ථාවකවත් මේවා ටෙස්ට් කරන්න හදන්න එපා. එක වතාවක් ටෙස්ට් කළොත් ආපහු ගැළවෙන්න බැරුව යනවා. අයිස් කියන මත්ද්‍රව්‍ය ඉතාම විශාල වශයෙන් සමාජයේ මුල් බැහැගෙන තිබෙනවා. අපි විශ්වාස කරන අන්දමට ඉතාම වේගයෙන් සමාජ ව්‍යසනයක් කරා පත්වෙමින් තියෙනවා. තමන්ගේ දුවාදරුවන්, ගුරුතුමන්ලාගෙනුත් ඉල්ලීමක් කරනවා තමන්ගේ පාසල් දරුවන් දිහා ඉතාම කල්පනාවෙන් බලන්න."