සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

December 19, 2024   05:07 pm

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳ මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සහතික සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කළ බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.