විදෙස් රැකියා ආයතන ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
September 20, 2022 09:06 am
විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තරයේ සහය ලබාගෙන අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවය.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
"විදේශගත වීමේ දී එහෙම නැත්නම් ඊශ්‍රායලයට යන්න, නැත්නම් ජපානයට යන්න, කොරියාවට යන්න එහෙම නැත්නම් මොන රටකටවත් යන්න කිසිම තැරැව්කරුවෙකුට මුදල් දෙන්න එපා. ඒ මුදල් දීලා පැමිණිලි කරලා, ඒ මුදල් ගන්නත් හරි අමාරුයි. ගොඩක් අය මේ සල්ලි අරන් පැනලා යනවා. අමාරුවේ වැටෙන්න එපා නිකන්. අපි දන්නවා දැන් විදේශ ගත වෙන්න ලොකු ඉල්ලුමක් හැදුන වේලාවක්. ඒ වගේම ලේසි පහසු නෑ ඇතැම් රටවලට යන එක. ජපානෙට යනවා නම් ජපන් භාෂාව කරන්න ඕනේ. කොරියාවට යනවා නම් කොරියානු භාෂාව කරන්න ඕනේ. ඒ සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනේ අවශ්‍ය කරන. එහෙම නැතුව කෙටි පාරවල්වලින් යන්න පුළුවන් කියලා. ඉක්මනින් යවලා දෙන්නම් කියලා තමන්ගෙන් සල්ලි ඉල්ලනවා නම් කවුරු හරි ඒ සියල්ල බොරු. යුරෝපා රටවල්වලට යනවා කියලා. නොයෙක් නොයෙක් දේවල් තියෙනවා. ඒ මුදල් අයකරන සියලුම දේවල් වංචනිකයින් විසින් සිද්ධකරන දේවල්. එහෙම දේවල් තියෙනවා නම් අපට පැමිණි කරන්න. ඒවා පිළිබඳ හොයා බලන්න. නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් ඉල්ලනවා තැරැව්කරුවන්ට අහුවෙන්න එපා. ලියාපදිංචි ආයතනයක් වුණත් අනවශ්‍ය විදියට මුදල් ඉල්ලනවා නම් ඒ පිළිබඳ කියන්න."