ජනපති කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසම රැස්වෙයි 

ජනපති කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසම රැස්වෙයි 

April 18, 2025   04:06 pm

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මන්නාරම ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සඳහාය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගේ පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සළකා මුදල් වෙන් කිරීමක් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය. 

ඒ අනුව පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාව එළැඹෙන 21 දා රැස්වීමට නියමිතව තිබේ.