පොහොට්‌ටු ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කිරීම ගැන දුන් නියෝගය

පොහොට්‌ටු ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කිරීම ගැන දුන් නියෝගය

August 25, 2022   01:11 pm

ඉකුත් මැයි මස 09 වනදා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් කොම්පඤ්ඤ වීදිය, බේරේ වැවට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එම නඩුව අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසය.

ඒ අනුව අදාළ සැකකාරිය ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියමකළ මහෙස්ත්‍රාත්වරයා එදින ඇයව හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.