රියදුර බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව වෙනස්වෙයි
August 6, 2022 08:10 am
රියදුර බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වනදා සිට සංශෝධනය කර තිබේ.
වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළයාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේය.
ඒ අනුව සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ නංවා තිබේ.
එමෙන්ම බර වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරික්ෂණය හැර රුපියල් 1500ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
