සිව්වන කොවිඩ් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

සිව්වන කොවිඩ් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

July 17, 2022   01:25 pm

කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාවගේ උනන්දුව තවදුරටත් අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙන්නේ, මේ වන විට සිව්වන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,000ටත් අඩු බවය.

වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට සිව්වන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

"දැඩි අවධානම් කණ්ඩායමක් වන අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට 4 වන මාත්‍රාව ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකුට මේ හතරවන මාත්‍රාව ලබාගැනීමට පුළුවන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවෙලා දිනයක් හා වේලාවක් ලබාගෙන. මේ එන්නත ලබාගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මිලියන 16ක් විතර පළමු මාත්‍රාව ලබාගෙන තියෙනවා. දෙවැනි මාත්‍රාව මිලියන 14ක් විතර ලබාගෙන තියෙනවා. තුන්වන මාත්‍රාව මිලියන 8ක් පමණ ලබාගෙන තියෙනවා. හතරවන මාත්‍රාව දළ වශයෙන් 13,700ක් විතර ලබාගෙන තියෙනවා."