මාරක අනතුරු කිහිපයක් - ජීවිත රැසක් අහිමිවෙයි

මාරක අනතුරු කිහිපයක් - ජීවිත රැසක් අහිමිවෙයි

March 3, 2022   11:03 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (02) එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

හම්බෙගමුව - වෙලිඔය මාර්ගයේ දලුග්ගල පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙලිඔය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ එක් පසු පැදිකරුවෙකු හම්බෙගමුව රෝහලට ඇතුළක් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

මේ අතර සමනලවැව පොලිස් වසමේ කොළඹ - බදුල්ල මාර්ගයේ තුඹතැන්න ප්‍රදේශයේදී බදුල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කර ගැත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඔයකට පෙරළී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සම පිටුපස ගමන්කළ පුද්ගලයන් 04 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, තුඹගොඩ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කුරුණෑගල - මීගමුව මාර්ගයේ බුලුපිටිය හන්දිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

මේ අතර ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ වීදියවත්ත හන්දියේදී ලොරි රථයක් අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අදාළ අනතුරින් 47 හැවිරිදි දලුගම, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ලග්ගල - මොරගහකන්ද මාර්ගයේ කන්දේ පිටවල හන්දියේදී සිදුවු රිය අනතුරකින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ලග්ගල දෙසට ධාවය වූ යතුරපැදියක් මාර්ගය හරහා ගමන්කළ පා පැදිවක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.