තුර්කි විදේශ ඇමති දිවයිනට

තුර්කි විදේශ ඇමති දිවයිනට

January 28, 2022   09:05 am

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි බවය

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.