මහ මැතිවරණයට දිලිත්ගෙන් දැවැන්ත සන්ධානයක්

මහ මැතිවරණයට දිලිත්ගෙන් දැවැන්ත සන්ධානයක්

September 26, 2024   08:20 pm

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් තම පක්ෂය වටා නිර්මාණය කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (26) මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය. 

මෙහිදී මව්බිම ජනතා පක්ෂය සමග එක්වූ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරිණි.

එහිදි අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"මහ මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්කවලට ඡන්දය ඉල්ලනවා. ලංකාවේ වඩාත් බලපෑමක් කළ හැකි දේශපාලන සන්ධානය අපි මෙවර බිහි කරනවා. ජනතාව පිළිගන්නා බවට අපි විශ්වාස කරන.. දේශපාලනඥයින්ට අපි ආරාධනා කර තිබෙනවා.. අපිත් සමග සංවාදයකට එන්න කියා. සර්වජන බලය යටතේ තමයි අපි මහ මැතිවරණයට ඡන්දය ඉල්ලන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා නව සලකුණක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා."