ඉන්දුනීසියාවේ බූස්ටර් මාත්‍රාවට එන්නත් වර්ග 5ක්
January 10, 2022 05:27 pm
ඉන්දුනීසියාවේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා කොවිඩ් මර්දන එන්නත් 05කට අනුමැතිය හිමිව තිබේ.
එරට ආහාර හා ඖෂධ අධීක්ෂණ නියෝජිත ආයතනය මගින් එම අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර්, සිනොවැක්, මොඩර්නා සහ සිවිවැක්ස් යන එන්නත් ඉන්දුනීසියාව තුළ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.
එරට ජනතාවට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන 12 වනදා ආරම්භ වීමට නියමිත අතර එහිදී වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදීම සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව පුරා ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීමත් සමගම ඉන්දුනීසියාව සිය එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ.
