රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්

රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්

November 19, 2021   08:06 am

රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

සිය දෙපාර්තමේන්තුව වෙතින් පැවැත්වෙන ලිඛිත පරික්ෂණවලට අමතරව අදාල ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඒ අනුව තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව ඉල්ලුම්කරුවන්ට හිමිවනු ඇති.

මේ අතර ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර අලෙවි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ආදුරුප්පුවිදීය, වත්තල සහ දෙහිවල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

රියදුරු බලපත්‍රවල මුද්‍රණ මකාදමා ව්‍යාජ රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරන පුද්ගලයින්ගේ තොරතුරු ඊට ඇතුළත් කර එක් බලපත්‍රයක් රුපියල් 13,000ක මුදලකට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අකාරයට මේ දක්වා ව්‍යාජ රියදුරු බලපත්‍ර 1000ක් පමණ සකස් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.