සයුරෙන් එතෙර
බිට්කොයින් වලින් වැටුප ගෙවන්නයි ඉල්ලූ නගරාධිපති
November 5, 2021 04:59 pm
අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට නව නගරාධිපතිවරයෙක් ව පසුගියදා තෝරාපත්කර ගැනුණි.
ඔහු එරික් ඇඩම්ස් ය. ඔහු පසුගියදා එක්තරා අමුතු ඉල්ලීමක් කළේය.
ඒ තම මුල් වැටුප් තුන බිට්කොයින් වලින් ගෙවන ලෙසය.
ඔහු හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු පසුගිය සතියේදී තේරී පත්විණි. වර්තමාන නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ ගේ ධූර කාලය ජනවාරි මාසයේදී නිමවෙයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් නගරාධිපති ලෙස තේරී පත්වී සිටින ඇඩම්ස් පැවසුවේ නිව් යෝර්ක් නගරය "ක්‍රිප්ටො කරන්සි කර්මාන්තයේ" මධ්‍යස්ථානය කිරීම තම අරමුණ බවය.
බිට්කොයින් 2009 වසරේදී හඳුන්වාදුනි. එය ලොව විශාලතම ක්‍රිප්ටො කරන්සි කර්මාන්තය ලෙස හැඳින්වෙයි.