සංජීව ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

February 22, 2025   04:03 pm

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක්ය.

අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත්කළ අතර, එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ දක්වා සිදුකළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය

Media on 2025.02.22 පැය 1545 මනුෂ්_ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම by poornima on Scribd