දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ නිකුත් කෙරේ

දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ නිකුත් කෙරේ

October 7, 2021   07:02 am

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සමාජික, කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ක්‍රමානුකුල වැඩපිළිවෙලක් යටතේ එක් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නා බවය.

මේ අතර නව සාමාන්‍යකරණ තත්ත්වයක් සඳහා රට විවෘත කළ ද නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ හොත් යළි රට වසා දැමීමට සිදුවන බව  මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය සඳහන් කළාය.