එන්නත් ලබාගන්න පිරිස් වශයෙන් ඒකරාශීවීම ගැටලුවක් - වෛද්‍ය ජීවන්දර
August 14, 2021 01:03 pm
මේ වනවිට කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත්තේ මෙරට ජනගහනයෙන් සියයට 25කටත් අඩු ප්‍රමාණයකට බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ටව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.
ඒ අනුව ඔහු පෙන්වාදෙන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට පිරිස් වශයෙන් ඒකරාශීවීම විද්‍යාත්මකව ගැටලුකාරී තත්ත්වයක් බවය.
එමගින් පුද්ගලයින් වෛරසයට නිරාවරණය වන අතර රෝගය බෝවීමට ද ඉඩකඩ පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර තිබේ.
කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම වෛරසයෙන් ආරක්ෂාවීමට මේ වනවිට ප්‍රමාණවත් බවය.
තෙවන මාත්‍රාවක අවශ්‍යතාවයක් මෙතෙක් නොමැති බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා එහිදී පෙන්වා දී ඇත.
