බදියුදීන්ගේ නිවසට තවත් විමර්ශන කණ්ඩායමක්

බදියුදීන්ගේ නිවසට තවත් විමර්ශන කණ්ඩායමක්

August 4, 2021   06:31 pm

පොලිස් සමීප රූප අවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ පාර්ලිමේන්තු අදාළ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. 

ඒ අනුව එම නිවසේ සවිකර ඇති CCTV දර්ශන එම නිලධාරීන්ගේ වැඩි අවධානයකට යොමුකර ඇති බව වාර්තා වෙයි.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් පරීක්ෂණ සිදුකෙරේ.

මේ අතර දැරිය මියයෑමේ සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බව පොලීසිය පවසයි.

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ඒ පිළිබඳව වූ වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂණ නිලධාරිනී වරුණි බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙහි විමර්ශන කටයුතුවලදී පුද්ගලයන් 40කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.