විවාහ උත්සව සඳහා සංචරණ සීමා බලපාන්නේ කෙසේද ?
July 13, 2021 07:50 pm
විවාහ උත්සව සඳහා සංචරණ සීමා බලපාන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (13) පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඒ පළාත් හරහා ගමන් කිරීම සම්බන්ධයෙනි.
"අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ට ද එක් පළාතකට යෑමේ හැකියාවක් තියෙනවා." යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වූ පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ, සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදීය.
මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන පරිදි හෙට (14) සිට පළාත් අතර දුම්රිය කිහිපයක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඒ බව පැවසීය.