මේරියන්ස් නායක නලීන් පෙරේරා ගෙන් කාරුණික ඉල්ලීමක්

මේරියන්ස් නායක නලීන් පෙරේරා ගෙන් කාරුණික ඉල්ලීමක්

July 7, 2021   02:17 pm

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබේ.

විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි 
කළේය.

ඊයේ (06) පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්, උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ 
පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා කියා සිටියේ, 

"මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්. මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?. ණය ගෙවන්නේ කොහොමද? කියලා කවුරුත් අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ 150ක් වගේ ප්‍රමාණයකට විවාහ මංගල්‍ය උත්සවයක් කරන්න දෙන්න කියලා බොහොම සාධාරණ ඉල්ලීමක්."


එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ නර්ථන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා,

"තීන්දු තීරණ ගන්න කට්ටිය දන්නවා ද? මේක වෘත්තියක් කියලා. මේකෙන් වෙන්නේ මිනිස්සු අපේ වෘත්තියෙන් ඈත් වෙනවා."