ස්පුට්නික් V එන්නත් නිපදවීමට ඉන්දීය සීරම් ආයතනයත් සැරසෙයි
සයුරෙන් එතෙර

ස්පුට්නික් V එන්නත් නිපදවීමට ඉන්දීය සීරම් ආයතනයත් සැරසෙයි

June 3, 2021   06:08 pm

ස්පුට්නික් V එන්නත් ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික පරීක්ෂණ කිරීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය, එරට ඖෂධ පාලන ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා තිබේ.

මේ වනවිට ස්පුට්නික් V එන්නතේ නිෂ්පාදන අයිතිය ඇත්තේ රුසියානු සමාගමකට ය. නමුත් ඉන්දියාවේ ඩොක්ටර් රෙඩි'ස් විද්‍යාගාරය ද එම එන්නත නිපදවයි.

කොරෝනා වෛරස මර්දනයට යෝග්‍ය බවට අනුමත කර ඇති ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදනයකි.