අක්ෂි රෝහලට පැමිණෙන අයට දැනුම්දීමක්
May 20, 2021 02:22 pm
ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර හා සේවාවන් ලබා ගැනිමේදී දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් සෞඛ්යය උපදෙස්වලට අනුගතව කටයුතු කිරිමේදී රෝහල් පරිශ්‍රය තුළ රඳවාගත හැකි වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන සීමිත පිරිසක් පමණක් බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
සෑම දිස්ත්‍රික්කයකම රජයේ අක්ෂි සායන පැවැත්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණිම අත්‍යවශ්‍ය නොවන බව අමාත්‍යාංශය පවසයි.
මේ හේතුවෙන් අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පමණක් දිනයක් හා වේලාවක් වෙන්කරවාගෙන අක්ෂි රෝහලට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙයි.
මීට පෙර දී ද ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබුණි.
එම දුරකථන අංක පහතින් දැක්වේ.