නළ ජලය භාවිත කරන ජනතාවට දැනුම්දීමක්

නළ ජලය භාවිත කරන ජනතාවට දැනුම්දීමක්

April 7, 2021   04:40 pm

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා උත්සව සමයේ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පවතින තත්ත්වය හමුවේ දවසේ පැය 24 පුරාම එකම ධාරිතාවයකින් ජලය සැපයීමට අපහසුතා මතුව ඇති අතර උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නළ ජලය භාවිතකර ජලය නොලැබෙන පාරිභෝගිකයින්ගේ බීමට අවශ්‍ය ජලය ලබාදීමට සහයෝගය දක්වන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.