පළිගැනිමේ අරමුණින් ආණ්ඩුව කිසිවෙකුට නඩු පවරන්නේ නැහැ -ඇමති බන්දුල
February 7, 2021 08:28 am
වත්මන් ආණ්ඩුව පළිගැනිමේ අරමුණින් කිසිවෙකුට නඩු පැවරීමට කටයුතු නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අවශ්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රථමයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් අනතුරුව අදාළ නඩුපැවරීමේ කටයුතු සිදුකරන ඇති බවය.
“ඒ කරුණු කෙරෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරයේ වාර්තාව ලැබුණා විතරයි. ඒ පිළිබඳව කැබිනට් මණ්ලය වත් තවම කතා කරේ නෑ. පසුව නීතිපතිවරයාට යොමුකරලා ඒ සඳහා ක්‍රියාකරනවා. ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් අපේ ආණ්ඩුවවත් නීතියට ඇඟිලි ගහන්න කටයුතු කරන්නේ නෑ.“