නැගෙනහිර පර්යන්තය පිළිබඳ කමිටුව අදත් රැස්වේ

නැගෙනහිර පර්යන්තය පිළිබඳ කමිටුව අදත් රැස්වේ

January 25, 2021   07:04 am

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිතව තිබේ.

එම කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්ට අදාළ යෝජනා එහිදි අධ්‍යයනය කිරීමට නියමිත බවය.

එම අධ්‍යයනවලින් අනතුරුව ඉදිරියේ දී කමිටුවේ වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව “අද දෙරණ“ කළ විමසීමකට පිළිතුරු දෙමින් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හත්දෙනෙකුගෙන් යුත් එම කමිටුව පත්කරනු ලැබීය.