පාෂාණ වර්ණ ගන්වා මැණික් ලෙස පෙන්වා රන් භාණ්ඩ ලබාගෙන

පාෂාණ වර්ණ ගන්වා මැණික් ලෙස පෙන්වා රන් භාණ්ඩ ලබාගෙන

January 8, 2021   02:27 pm

ව්‍යාජ ලෙස පාෂාණ වර්ග වර්ණ ගන්වා මැණික් ලෙස සකසා ඒවා වයෝවෘද්ධ කාන්තාවන්ට ලබාදී ඔවුන්ගේ රන් භාණ්ඩ වංචා කළ යුවළක් කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේදී අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී එම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිටි නිවසේ තිබී රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ උකස් තැබීමෙන් ලබාගත් රිසිට් පත්, විවිධ වර්ණ ආලේප කළ පාෂාණ සහ විදෙස් මුදල් නෝට්ටු ද හමුවී තිබේ.