බුරවි - ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි
December 2, 2020 09:35 pm
බුරවි සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම සුළි කුණාටුව මෙරටට ඇතුළු වී ඇත්තේ ත්‍රිකුණාමලය සහ මුලතිවු අතරින් බව වාර්තා වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා ඉහළ යා හැකිය.
සෙසු පළාත්වල සුළඟේ වේගය පැයට කාලෝමීටර් 60-70 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 ඉක්ම වු වැසි බලාපොරෝත්තු විය හැක. එසේම සෙසු පළාත්වලට ද මිලි මීටර් 100 ඉක්මවා වැසි ඇතිවිය හැකිය.
එසේම මෙම පද්ධතිය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා වැඩි විය හැක.
එනිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.