ජනපති අභිනව මහ නාහිමි බැහැ දකී

ජනපති අභිනව මහ නාහිමි බැහැ දකී

November 27, 2020   05:44 pm

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමි බැහැ දුටුවේය.

උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා අභිනව මහ නාහිමි බැහැදැක සුභාශිංසන පුද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එහිදී, ශාසනික, ආගමික මෙන්ම ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුව ඇති සේවය අගය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සේවාව අඛණ්ඩව සිදුකරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලැබෙන බව ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී  හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් වැඩම කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.