සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය මාධ්‍යට වාරණයක් ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය මාධ්‍යට වාරණයක් ද?

October 15, 2020   12:16 pm

කොවිඩ් තත්ත්වය පිළිබඳ ව මාධ්‍යට තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය සේවකයින් වෙත දන්වා තිබේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල්වල අධ්‍යක්ෂවරු සහ අධිකාරිවරු ට යවා ඇති ලිපියෙහි  ඒ බව දැක්වේ.

ඒ අනුව, යම් රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට ගිය පසු ඒ පිළිබඳ තොරතුරු රෝගීන්ගේ සහ  ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වට බලපෑම් එල්ල වියහැකි බැවින්  මාධ්‍ය වෙත හඬපට, ජායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස නිකුත් නොකළ යුතුබව දන්වයි.

එසේම, රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට යන්නේ නම් එවැනි අවස්ථා ආවරණය කිරීම මාධ්‍යට ඉඩනොදිය යුතු බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ලිපියෙහි දැක්වේ.  

ආයතන සංග්‍රහය අනුව අමාත්‍යාංශ ලේකම්ගේ ලිඛිත අනුමැතියකින් තොරව නිල තොරතුරු හෝ තම මතය මාධ්‍යට හෝ ජනතාව වෙත නිකුත් කිරීම රජයේ නිලධාරීන්ට තහනම් බවද ඔහු පවසයි. 

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.