මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන්  ස්ථානීය පරික්ෂණය සිදු කෙරේ

මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය සිදු කෙරේ

January 2, 2026   06:42 pm

මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිසේදා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් අද (02) සිදුකරනු ලැබිය.

ඝාතනයට ලක් වූ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාව සිය නිවසේ තනිවම සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති අතර, එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාව ද සිය නිවසේ තනිව සිටියදි පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ. 

එමෙන්ම එහි පදිංචි 51 හැවිරිදි පස් දරු පියා ද ඔහුගේ නිවසේ නිදා සිටිය දී මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.

මාවනැල්ල මූලික රොහලේ තැම්පත් කර තිබු මළසිරුරු පරික්ෂා කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.