සෙරීනා විලියම්ස් ට වාර්තාවක් ගිලිහෙයි

සෙරීනා විලියම්ස් ට වාර්තාවක් ගිලිහෙයි

September 11, 2020   11:56 am

තම 24වැනි විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම්  ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට සිහින මවමින් සිටි ලෝක ශූර සෙරීනා විලියම්ස්ගේ එම සිහිනය බොඳ කිරීමට බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා සමත් වූවාය.  

ඒ, එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24ක් ජයගෙන ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට් තබා ඇති වාර්තාව සමකිරීමේ අවස්ථාව ඒ අනුව විලියම්ස් ට අහිමි වෙයි.

ඒ අනුව, මෙවර අවසන් තරඟය, ඇසරෙන්කා සහ 2018 දී එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලිය ජයගත් නඕමි ඔසාකා අතර පැවැත්වේ.