ශ්‍රීපාද අඩවිය කසළවලින් තොර කලාපයක් කිරීමේ ලස්සන දෙරණ වැඩසටහන අද

ශ්‍රීපාද අඩවිය කසළවලින් තොර කලාපයක් කිරීමේ ලස්සන දෙරණ වැඩසටහන අද

March 7, 2020   08:13 am

ලොව පුරා සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ශ්‍රීපාද අඩවිය කසළවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ ලස්සන දෙරණ වැඩසටහන අද(07) දිනය පුරා පැවැත්වෙයි.

මීට සමගාමීව ශ්‍රී පාදස්ථානයේ ඵෙතිහාසික සහ පාරිසරික වටිනාකම පිළිබඳව සාකච්ඡා කරන විශේෂ වැඩසටහනක් අද උදෑසන 10.30 සිට අද දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි.

යුධ හමුදාව පොලිසිය ඇතුළු ආයතන කිහිපයක්ම දායකත්වය සපයනු ලබනයි. 

ශ්‍රී පාද මළුවෙන් ආරම්භ කෙරෙන ලස්සන දෙරණ වැඩසටහන, ශ්‍රී පාදස්ථානයට පිවිසෙන කුරුවිට - එරත්ත,  රත්නපුර හා හැටන් මාර්ග පිරිසිදු කරමින් පහළ පෙදෙස්වලට පැමිණීමට නියමිතයි.

මෙලෙස එක් රැස් කරන කසළ මළු පහළට රැගෙන ඒම සඳහා බැතිමතුන්ටත් අවස්ථාව උදාවන අතර ඒ සඳහා එක්වන ලෙසට මනුසත් දෙරණ අප ඔබට ආරාධනා කරයි.

මීට සමගාමීව ශ්‍රී පාදස්ථානයේ ඵෙතිහාසික සහ පාරිසරික වටිනාකම පිළිබඳව සාකච්ඡා කරන විශේෂ වැඩසටහනක් හෙට උදෑසන 10.30 සිට අද දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි.