උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

February 26, 2020   04:20 pm

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවේය.

එහිදී උදයංග වීරතුංග මහතා වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. 

මිග් යානා ගණුදෙණුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.