සයුරෙන් එතෙර
ආදරවන්තයන්ගේ දිනයේදී සමූහ විවාහ උත්සවයක්
February 17, 2020 06:05 pm
ආදරවන්තයන්ගේ දිනයේදී පැවති සමූහ විවාහ උත්සවයක් පිළිබඳව මේ පුවත වාර්තා වුණේ පේරු රාජ්‍යයෙන්ය.
එහිදී යුවළ සියයක් විවාහ දිවියට ඇතුළත්ව තිබුණි.
සමූහ විවාහ උත්සව පිළිබඳව ලොව බොහෝ රටවලින් නිරන්තයෙන් තොරතුරු වාර්තා වෙයි.
එවැනි විවාහ උත්සවයක් පසුගියදා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වුණි.
එහි විශේෂත්වය වන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී මේ පිරිස විවාහ දිවියට ඇතුළත්වීමයි.
තරුණ හා වයස්ගත යුවළ සියයක් මෙහිදී විවාහ දිවියට ඇතුළත්ව තිබුණි.
නව යුවළ වෙත සුබ පැතුම් එක්කිරීමට ලීමා නගරාධිපතිවරයාත් එක්ව සිටියේය.
මෙවැනි සමූහ විවාහ උත්සව පේරු රාජ්‍යයේ අතිශය ජනප්‍රිය වෙමින් ඇති බවයි විදෙස් වාර්තා පවසයි.
සමූහ විවාහ සඳහා එරට රජයේ අනුග්‍රහය හිමිවන බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.