අති දුර්ලභ උදුම්බරා මල්
January 6, 2020 04:44 pm
ඉතාම කලාතුරකින් දැක ගත හැකි බව පැවසෙන උදුම්බරා නමින් හදුන්වන මලට සමාන මලක් නවගත්තේගම තරුණයකුට ( 05 ) හමු වී ඇත.
ලෝකයේ අවස්ථා කිපයකදි පමනක් දැක ඇති මෙම උදුම්බරා මල ශ්‍රී ලංකාවේ දි මෙයට පෙර හමුවු බවට ද වාර්තා වන්නේ කලාතුරකින්.
උදුම්බරා නොහොත් යුටාන් පොලුවෝ නමින් හදුන්වන මල් විශේෂය 2014 වසරේ චිනයේ යැංසි ප්‍රන්තයේදි අවසන් වරට හමුවු බවට වාර්තා වේ.
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි මෙම උදුම්බරා මල් විශේෂය මිලිමිටර් එකක පමන විශ්කම්භයකින් සමන්විත වේ.
දැනට වාර්තා වන අන්තර් ජාල තොරතුරු වලට අනුව මෙම උදුම්බරා මලට සමාන හැඩ හුරුකමකින් සමන්විත මෙය නවගත්තේගම තරුණයකු විසින් ඔහු පවත්වාගන යන කුඩා හෝටලයක් පිරිසිදු කරමින් සිටියදී ඒ තුල සකසා තිබු පොල් අතු වහලය තුල තිබි හමුවු බව ඔහු පවසයි.
මෙම පොල් අත්තක එක් කොලයක කුඩා කොටසක ඇති මෙම විශේෂීත උදුම්බරා මලට පොකුරේ මල් හතක් පිපි ඇති අතර එහි තවත් කුඩා කුරු හයක් ඉහලට එසවි තිබෙනු දැක ගත හැකියි.