සජිත්ගේ ඩයිනමෝව හොඳ ඇති-හැබැයි ඒක ගෝඨාභය නැවට ගැළපෙන්නේ නෑ

සජිත්ගේ ඩයිනමෝව හොඳ ඇති-හැබැයි ඒක ගෝඨාභය නැවට ගැළපෙන්නේ නෑ

January 4, 2020   02:08 pm

රට ඉදිරියට ගෙන යාමට නම් ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්ද සුසන්යෝගය යටතේ නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුබව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්පහ ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"අද එක්සත් ජාතික පක්ෂය අලුත් සටන් පාඨයක් ගෙනල්ලා තියෙනවා, ගෝඨා ජනපති-සජිත් අගමැති කියලා.

එතකොට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ද?

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ ඉදිරියේ තියෙන මහා ගල් පවා කුඩු පට්ටම් කරගෙන ඉදිරියට ඇදෙන මහා දැවැන්ත සද්ධන්ත නැවක්.

සජිත්ගේ ඩයිනමෝව හොඳ ඇති. හැබැයි ඒ ඩයිනමෝව ගැළපෙන්නේ පුංචි බයිසිකලේකට මිසක් මහා සද්ධන්ත ගෝඨාභය නැවට නෙවෙයි.

එතුමාගේ එංජින් එක හොඳ ඇති. හැබැයි ත්‍රීවිලර් එන්ජින් එකකින් සද්ධන්ත නැවැක් ඉදිරියට ගෙනියන්න බෑ.

ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සෙත් විපක්ෂ නායක ධුරය කොහොම හරි සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගන්න උත්සාහ කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයට කියනවා."